පසුගිය දවසක මේ බැටරි භාවිතයෙන් බලශක්තිය උපදවා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් දැවැන්ත පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් මුල් පියවර තැබුවා. Elon Musk නමින් හැඳින්වෙන මොහු තාක්ෂණික ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්, විදුලි බලයෙන් ධාවනය වන Tesla මෝටර් රථ සමාගමේ නිර්මාතෘ ඔහුයි.
ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණයි. වැඩි විදුලි බලයක් අවශ්‍ය ස්ථාන සඳහා Powerpack නමින් කිලෝවොට් පැය 100ක ධාරිතාවයකින් යුත් අධි බලැති බැටරියක්ද ටෙස්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා.
සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ.
අද වන විට ලිතියම් අයන් බැටරි අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ, ලැප්ටොප් පරිගණකයේ හෝ ඔබේ කාරයේ ( ඔබ සතුව ටෙස්ලා කාරයක් ඇත්නම්
![[IMG]](https://kuppiya.lk/proxy.php?image=http%3A%2F%2Ftechguru.lk%2Fwp-includes%2Fimages%2Fsmilies%2Ficon_smile.gif&hash=6941e923a1efe636aca8ea0c3d6fa456)
මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හොඳ විසඳුමක් ලෙස Tesla Powerwall යොදාගන්නට හැකියි.
පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.http://adf.ly/1MCn7N
No comments:
Post a Comment